Tuesday 20 August 2013

ඒක්ලා චලෝ


සියළු ඇත්ත සෑම විටම අවධි තුනක් පසු කරයි. මුලින් එය අවමානයට ලක් කෙරේ, දෙවනුව එය ප්‍රචණ්ඩ එදිරිවාදී කමකට ලක්වෙයි, තෙවනුව එය ස්වයං ප්‍රත්‍යක්ෂ දෙයක් ලෙස පිළිගැනේ- ආතර් ශෝපෙන්හවර්

එකලාව යන්න...
එකලාව යන්න..

කිසිකෙනෙක් නොඅසයි ද
ඔබේ ඇමතුම..

එකලාව යන්න..

බියෙන් ඇඹරෙයි
කෙනෙක්
මුහුණ සඟවා ඔබෙන්..

හා..! අනිටු තැනැත්ත..

ඇර මනස
එකලාව පවසන්න..
ඔවුන් හැරුණත් ඉවත
හැර ගියත් ඔබව
වන-කතර මැද..

හා..! අනිටු තැනැත්ත..

කටු කොහොල් මඬිනු යුතු
පතුල් යට
රුහිරු වැගිරෙන මගෙහි
එකලාව පිය නඟනු..

කෙනෙක්..
එළියක් නොදෙන මුත්
ගෝළු ගත් විට රැයෙහි
කුණාටුව..

හා..! අනිටු තැනැත්ත..

අකුණු එළියක් සදිසි
හද රිදුම
එකලාව ඇවිලෙන්න
ඉඩ දෙන්න..
 
-තාගෝර්-

සුචිත්‍රා මිත්‍ර ගේ හඬින් මේ ගීය.. http://www.youtube.com/watch?v=GB2VfyYIs2U
අමිතාභ් භච්චන් ගේ හඬින්..http://www.youtube.com/watch?v=bR8WLwipB8c

Photo:http://www.sos-arsenic.net/english/tagore.html