Thursday 5 May 2011

මා ඔය

















'සිල්වා' උන්නැහේ

'කැලෑහඳ' ලියන කාලේ

'මාලනී' සොයා ආගිය


'රණවීර'

පස්සෙ කාලෙක

'ඔයබඩ වවුල්ලු'ත් එක්කම

මා ඔයට බැසි තැනට


මහකඩේ මංකඩට

පාතින්


ගඟ ගලයි

නැමී පහළට


පොහොන්කෙළියේ මංකඩේ

ගැබ්බර බිසෝ කෙනෙකුන්

පාව විත් රැඳුන තැන

කතන්දර අසයි

ඇස් විසල් කර

කුඩා දිය කිඳුරියක්

දාපුළුසෙන් කුමරු ගැන


එගොඩ

කුරු නා ගස

අලුත් දළු සලමින් අසයි

එනවද වෙසක් එකටත්

පන්සලේ නව නාරි ඝට

පරණ විදිහට තියෙන්නැති වෙයි

වැඩිකල්


පින්තුරය - රජරට රාළ බ්ලොග් අඩවියෙන්