Friday 1 January 2010

සෘතුමතිය



ඉඳුවර පැහැය
තණ'ග පිණි බිඳෙක

අමුතුවෙන් රැඳුනෙද....
කල්බලා නිදන කලලෙක ..
කළල සියපත ඉඳුනෙ නැතිවද
පුරහඳක ගබ’තුර
අමාවක පිළිසිඳුනෙද
රජස් නොරඳා කෙමියක
රොන් ගෙන ගියෙද මුවරද
යළි යළිදු සිස් වන
සියපත පිපෙන දින නොදනිත
හඬා වැටුනි ද ගැබ
වේදනාවක් පෙනේ වුවන

1998