Friday 13 November 2009

ගං තෙරක හිඳ . . .

ගලා යන
මේ දිය දහර
පෙර දිනෙක
උඹව පහළට ගෙන ගියයි
උඩු ගමට
යනු පෙරාතුව
උඹ ජීවිතය නිම කළ වගයි
උණ පඳුරු
අතරින් හමන
කේඳෑරි සුළඟ ද මට කියයි

මට දුකයි
මේ ගං තෙරේ
අද
තනි මකන්නේ මතකයයි

පෙර දිනෙක
මුව පුරා
හිනැහුණ
එළඟිපිටි කන්ද අද නිශ්චලයි
වැඩුණු
රළු කටු පඳුරු
දිය ඌල
සඟවා
කොක් හඬ තලයි
මට දුකයි
උඹෙ මතක වස්ත්‍රෙද
ලේ විලක ගිල්වූ නිසයි..


-1998 Nov-

No comments: