Thursday 26 November 2009

වානේ පැහැති ඇස්..... ලාරා... සහ මම....


මම වානේ පැහැති ඇස් වලට ආසා ඇත්තෙමි යි කපිල කුමාර කාලිංග ලිවීය .
ඒත් එබඳු ඇස් දැක ඇත්තේ 'ජුලී ක්‍රිස්ටි' ගේ පමණි. ඒ ඇය ෂිවාගෝ චිත්‍රපටයේ රඟපාද්දී ය. ෂිවාගෝ වූ කලී මහා රුප කාව්‍යය කි. එහි සංගීතය නිර්මාණය කළ මරිස් ශාර ගේ සංගීතය අපූරු නාද කවියක් මෙන් මසිතෙහි රැඳී පවතී. 1992 'ගෝස්ට්' බැලූ විට එහි අපූරු සංගීතය ද මරිස් ශාර ගේ බව දැන ගතිමි.
ෂිවාගෝ විප්ලවයක පංති අවුලේ දී අතර මැදි පංතින් ට අයත් වන ඉරණමෙහි ඛේදජනක සංකේතයක් වැන්න. ෂිවාගෝ මහ වේ මැද ඇද වැටී මිය යන තෙක් ම සාක්ෂාත් කර නොගන්නේ ද එයයි. ඔහුගේ කවි බලධරයින්ට ආත්මවාදී හා සුළු ධනේශ්වර වේ. කලා නිර්මාණයන්ට සීමාවන් නැතැයිද ඒවාට අත තැබිම ට කාටවත් අයිතියක් නැතැයිද 'ට්‍රොට්ස්කි' කීවේ නමුත් ගම්ලත් මහතා ෂිවාගෝ ට කැමති නැත. ෂිවාගෝ හි ට්‍රොට්ස්කි ගේ ඛේදවාචකය ද අපූරුවට නිරුපණය වන්නේ 'පාෂා අන්තිපෝව්' චරිතයෙනි.
ලාරා ගේ තේමාව ඉස්සර 'ගුවන් විදුලියේ' නිතර වාදනය විය. ඒ ප්‍රේම කිර්තිගේ කාලයේය. ප්‍රේම කීර්ති මිය ගොසිනි. ප්‍රේම කිර්ති මිය ගියේ තමා මිය යන්නේ ඇයි දැයි පවා නොදැන ය. එය ෂිවාගෝ ට අත් වූවාක් මෙන් ම වන ඛේදනිය මරණයකි. ප්‍රේමකීර්ති අතින් ලි‍යැවුනු ගීත රාශියකට මම ඇලුම් කරමි. ඒ ඒවායේ සරල මට සිලිටි බස් වහර නිසාය. පාසල් වියේ දී ගුවන් විදුලියේ කොරිඩෝවක දුටු ප්‍රේමකීර්ති මට තාමත් මතකය. ප්‍රේම කීර්ති ගුවන් විදුලියේ මාස්ටර් කණ්ඩායමේ කෙනෙක් බව සමන් අතාවුදහෙට්ටි ලියා තිබිණ. බණ්ඩාර කේ විජේතුංග මේ කණ්ඩායමේ තවත් කෙනෙකි..ඔහු ලීලා ට මියෙන තෙක් ම පෙම් කල බව රෝහණ අංකල් කීය.
දිනෙන් දින ඔබ මා කෙරෙන්
දුරස් වන විට මගේ මනැසට
තවත් ලංවනු පමණෙකිය ඔබ
දිනෙන් දින ඔබ මා කෙරෙන්

කවි ලීවෝද
කවි නොලීවෝද
එකසේ පොලවට
පස් වෙති
වරක් වැළලූවායින් පසුව
නැගිට ආවේ කවුද?....... ඔමර් ඛය්යාම් ලිවිය.
ඔවුන් සියලු දෙනා මිය ගොසිනි.
අහිංසක ව ජීවත්වී අහිංසක ව මිය යාම නිෂ්ඵල බව නීට්ෂෙ කියා ඇත. නීට්ෂෙ ගෙ වන් පත රැවුලක් බුදුන්ට නොවී.
මට වානේ පැහැති ඇස් හීනෙන් මෙන් පෙනෙයි.
1998

Monday 23 November 2009

එකුන් විසි අවුරුද්ද..!


'පබ්' එකේ පැත්තක

තියෙන ගම්මාලු ගස යට

තාමත් 'ජෝඩුවක්' ඇති

කෙල්ලෙකි වැඩිය හැඩ නැති

කොල්ලෙකි අතේ පිච්චිය නැති


අමරදේව ට සේකර පණ හළ

වික්ට' කටපාඩම් කළ

නන්දා ගී පද මතක් කළ

කපුගේ නින්දෙනුත් මිමිණුව


ගම්මාලු පොතු යට උන්ගේ හද ගැස්ම ඇති

ගම්මාලු කොළ අතර බෙදා ගත් සෙනෙහස ඇති

වසත් කල කල මහ පාරටත් විසිරෙන

පුංචි කහ පෙති වල කවි ලියූ අකුරු ඇති


සඳ එළියක වැතිර

අහන මෙන ගී සර

හදෙහි වූ ආසා

සැබෑවක් වී ඇත


වියපත් විවාපත්

උසයයි උපන් දරුවත්

තරුණයි තාම හදවත්

ලියැවෙයි ප්‍රේ ගීතත්


කල් ගෙවී ගිය මුත්

සෙනෙහස නොවේ අඩුවක්

දෙන මුත් චකිතයක්

වලියක් වුණත් ජොලියක්


ගම්මාලු සෙවණ යට තාමත්

සිටිති කොල්ලත් කෙල්ලත්

පැහැරුවොත් කඳෙන් පොත්තක්

අලුත් ලේ බිඳු ඉන් ගලත්


හෂිත -2009/11/24

Friday 13 November 2009

සුළඟ


සුළඟ
සුළි ලයි
කණට කොඳුරයි
ඉකිබිඳියි

කඳු, නිවස සහ වනය
පයින් රුක්
එකලා ව නොව
එක් වන් ව
නිමක් නැති දිගන්තය
සමග
තෙරක් සොයමින් ඇදෙන
ඔරු කඳන් සේ පෙනෙයි

නොසොල්වයි එය
සිහින් පතකුදු
කෝපයෙන් හෝ ක්‍රෝධයෙන්
නමුත්
එය සොයා යයි ශෝකයෙන්
ඔබ නිසා
නැලැවිල්ලක
පබඳ
මේ මගේ දිවි නිමාවයි
නමුදු ඔබ පැවතිය යුතුයි


ෂිවාගෝ ලියූ කවි

-බොරිස් පස්තෙර්නාක්

සාංකාව....


පඬු පැහැගත්
මළානික
හිරු එළිය
වැතිර ගෙන
තණ බිම් අතර
මළානික අහසින් බිමට බැස

තණකොළ පවා
තණබිම
රැගෙන
පඬු පැහැය දුක්බර
නිස්සාර නිම්න භූමියක
පැතිරි හිඳියි
දුර බලා හිඳින
නෙත් අග
දඟ සිනහවක් වුවද
වඩා ගැඹුරකින් හිඳ
සාංකාවක් පෙනෙයි

ගං තෙරක හිඳ . . .

ගලා යන
මේ දිය දහර
පෙර දිනෙක
උඹව පහළට ගෙන ගියයි
උඩු ගමට
යනු පෙරාතුව
උඹ ජීවිතය නිම කළ වගයි
උණ පඳුරු
අතරින් හමන
කේඳෑරි සුළඟ ද මට කියයි

මට දුකයි
මේ ගං තෙරේ
අද
තනි මකන්නේ මතකයයි

පෙර දිනෙක
මුව පුරා
හිනැහුණ
එළඟිපිටි කන්ද අද නිශ්චලයි
වැඩුණු
රළු කටු පඳුරු
දිය ඌල
සඟවා
කොක් හඬ තලයි
මට දුකයි
උඹෙ මතක වස්ත්‍රෙද
ලේ විලක ගිල්වූ නිසයි..


-1998 Nov-

Monday 9 November 2009

නංගිගෙන් තවත් ලියුමක්..!



I downloaded the font. I really like what you have written on your blog.

I really enjoyed reading what you had written on the 'Parasatu mal'. It was very very nostalgic. When I was reading the one on 'Naribena', I remembered how I sang a Naribena song with Piyarathna Mama when we were coming to dinner at your place!

My friends are going back to their own countries next week. I am already sad.
I can't picture the hostel without them.

To me India is to go on a scooter or in a bus listening to Tamil songs, to drink chaii from a Kade like that of Premadasa Baas and to have a chat. I go to a French bakery and do reading there with an American guy. I learn a lot about the country through these chats. It is somewhat nice to talk to the guy who lives at Auroville. I thought of staying at a farm next year for two weeks at Auroville. It would be a nice experience.

I bought you a 2010 calendar with Moghul paintings. I bought one for myself. It has Indian paintings too.

I go to see the dramas by the students here. They are really talented. One is a Jaffna Tamil guy. I have made friends with him. I bought two CDs today on the Indian instrumental music. I wish I could be a billionaire when I see the books and the CDs. Another thing I have noticed here is that the Americans and the French do read so much than the Asians who read only books for their subjects.

I haven't bought clothes from here yet except for one Pattiyala pants which I bought for a good prize through my Yoga teacher who took me shopping. My semester end exam will start from next week.

I clean my bathroom, room and bring tea for my roommate when she is studying. I share everything I have. I give my fruits to the non Asians when they are sick and make them Jasmine tea whenever I make them. So I get the same in return and I am appreciated for what I do which I have never seen in Asians.

I constantly compare and contrast the Asians and Westerners in my mind. Also the French guy said they would be more racist when they leave this country. It is true because the Asians steal and use what is in the fridge. They never thank or are polite. They are really rude and Tamil students are very violent. They become very aggressive in the class and in presentations.

I have never been racist but I feel as if I sound one now.

I enjoy walking alone and to talk to the street vendors. I feel as if I am in Jaffna. I love old Tamil people in white sarongs who look decent. I love it even more to see how they react when I say I am from Sri Lanka. They smile so broadly when I say it.

The CD I bought is a mixture of Veena, Santoor and Flute. My dancing teacher is one of the best teachers here. He sings so nicely. He is really superb. I am learning to dance to worship Sun God these days. I haven't studied yet for the semester end exam. It is the first time in my life I haven't yet studied for an exam.

Looking forward to hear from you,

Nangi

Saturday 7 November 2009

ආදර හැඟුම්...!



අද හවස මට පේමදාස හමු විය...

පේමදාස මනමාලකම නිසාම ජාසොංගේත් පබුලිනාගෙත් ගැට වලට අහුවෙයි.

පබුලිනා එනතෙක් රැයෙහි උයන්තෙර සඳ හෙවනැලි වතල ගස් හේඩාවේ පොරොත්තු වන මුදලිතුමාගේ සිතෙහි ඉවසුම් බිඳෙයි. එහි ආසාවන් ඇතිවෙයි, වැඩෙයි, වැටෙයි, යළි යළිත් ඇතිවෙයි. ඖචිත්‍යය අණවන්නේ ගීතයකි. නාට්‍යමය අවස්ථාවේ ආකූළතාවය දෙබස් කළේ නම් රස භංගයකි. ඔහු මල් නොතලා හෝ තලා හෝ රොන් ගනු දනී. ශෘංගාරය නම් මේය. දයානන්ද ගුණවර්ධන ශෘංගාරය ‘බිත්තිය හා ඩිස්ටෙම්පර්' නොකර මනා ශික්ෂණයකින් යුතුව වචනයට පෙරළයි.

සඳ පහන් අපර සැඳෑවෙක ‘ආදර හැඟුම්' ඇසිය යුතුය. ඇල්විටිගල සංගීතයේ විශිෂ්ටත්වය වන සංගීත ස්ථර මෙහි ද ඇසෙයි. වයලීනය හා සිතාරය අතර දෝලනය වන ‘රෑහි හඬ' "මඟුල් රෑ ඉවසිලි බිඳියි". මන්ද්‍ර මුරලි ආලාපය ‘හැඟුම් කිති කවයි'. ගීතය පුරා නොබිඳී දිවෙන ඒකල වයලීනය විප්‍රලම්භ ශෘංගාර වේදනාව විසංවාදීව මතු කරයි (එහෙම කියන්නේ අපේ උන්දෑ ය). ඒ ඇයිදැයි විමසීම අසන්නා සතූ ය.

අභිමත රසය ශෘංගාරය වුවත් එමගින් ජනනය වන 'විප්‍රලම්භ රසය' මතු කිරීමට 'දිල් සේ' හි 'අජ් නභී' (රහුමාන්) හා 'ශර්මිලී' හි 'ඛිල්තෙ හෙ ගුල් යහාං' (බර්මන්) ට හැකි වීම භිම්පලාසී රාගයේ වර්ණවත් බවයි (පේමතෝ ජායති සෝකො?). ‘මචං ආදර හැඟුම් කියන්නේ සිංහල ගzසල් එකක්’ යැයි නම අමතක මිතුරෙක් කීවේ මන්දැයි මට යන්තමින් දැනෙයි. භීම්පලාසියේ ගාන සමය ‘අපර සන්ධ්‍යාවයි'. එහි රසය උපදින්නේ එ ලෙසිනි.

1988 සිසු අරගල නිසා වරින් වර පාසැල් වසා දමන විට පියරත්න මාමා ළඟ වැඩ කිරීමෙන් මට රුපියල් පන්සියයක් ලැබුණි. එදා මිලට ගත් "ආදර හැඟුම්" කැසට් පටය තාමත් මා සතුව ඇත. ඒ කාලයේ යළි යළිත් ඇසුවා සේ නැවතත් වරින් වර ‘ආදර හැඟුම්' ඇසීමි.

දැන් පේමදාස මුහුකුරා ගිය මිනිසෙකි..

ඔහුගේ මුහුණේ වියපත් රැළි අතර අකුණු විදුලියක් මෙන් දිව ගිය මනමාල හිනාවක් අද හවස දුටිමි..

අද හවස මට පේමදාස හමු විය...

03.11.2009
(පින්තූරය: Sunday Times)

Thursday 5 November 2009

මේසය මත ඉටි වැටිය දැවෙයි... ඉටි වැටිය දැවෙයි...!



මම ඉස්කෝලේ යන කාලයේ දොස්තර ෂිවාගෝ බලා යුරි අන්ද්රෙයෙවිච් ෂිවාගෝ ද ලාරා ද ඩේවිඩ් ලීන් ද මරිස් ශාර ද හා පෙමින් බැඳුනෙමි. ඒ කාලයේ මා ෂිවාගෝ පොත ඇසට දැක තිබුනේ නැත. එහි “මේසය මත ඉටි වැටිය දැවෙයි” නම් කවිය ගැන අසා තිබුනේද නැත.

මට ඇය දුන් දෙවැනි උපන්දින තෑග්ග “ෂිවාගෝ” පොතයි. සැතපුම් දහස් ගණනකට එහා උන් 'ක්‍රිෂානි' ලවා ඒ පොත ගෙන්නවා දෙන්න පාසැල් දැරියක ට හැකි විය. ඒ ආදරයයි.. සෙනෙහසයි...

ජීවිතයට අවැසි වෙන කුමක්ද?

ЛАРА....!

හීන් හුළඟේ සැලෙන
ඉටිපන්දමේ එළිය
වැටී හිම පියලි මත
මවනවා නෙක රටා

ජනෙල් වීදුරුව මත
බැඳී ඇති තුහීනය
වැදී ඔබ උණු සුසුම්
දියාරුව මැකීලා

අත් හළෙමි කාබොලික්
දන් දුනිමි සැත් පිහිය
නැති උනා ඔසු බඳුන
ඔබ සොයා එන අතර

අතීතය සිහි කරන
පුරුදු මේසය මතදි
ලියන්නෙමි ඔබට කව්
ලාරා

මේ 1989 මැයි මාසයේ ලියූ කවියකි.. අපි දෙදෙන එවකට හමු වී තිබුනේද නැත..

Snow swept over the earth
Swept it from end to end
The candle on the table burned,
The candle burned.

ෂිවාගෝ චිත්‍රපටියේ මේ කවිය ගැන සඳහනක් නැත. නමුත් ලාරාගේ කාමරයේ ජනේලයේ ඉටිපන්දම නිසා හිම දියවී පෑදුණු රවුමකින් එහා ලාරා ට පෙනෙන වීදිය ද වීදියෙන් පෙනෙන ජනේලයේ රවුමද ලීන් මේ කවිය විඳ ඇති බවට සාක්ෂි දරයි.

මේසය මත ඉටි වැටිය දැවෙයි
ඉටි වැටිය දැවෙයි...!