Wednesday 23 September 2009

සුනේත්‍රා... බුද්ධදාසිය.. සහ මම


සුනේත්‍රා අක්කා අපට නොවරදවා මුණ ගැහෙන තැනක් ඇත.....

පොත් ප්‍රදර්ශනයේ පළමු දින කොතැනක දී හෝ ඇගේ සුදු ඇඳුම හමුවේ. එය නියතය... ..

ඉස්සර විදර්ශිය කළ කාලයේ කවියක් පරිවර්තනය කළ මට ඇයගේ සකායි පොතේ වෙලුම් දෙක තෑගි දුන්නාය. ඒ අවුරුදු විස්සකට පෙරය... ඒ අතේ සල්ලි නැතුව පොත් අත ගා බලා එන කාලයකි..ටියුෂන් ගාස්තු දී පොත් ගෙන ටියුෂන් මඟ ඇරිය කාලයකි..

උන්දෑ කොතැනක මුණ ගැහුනත් කෙටි පොදු තොරතුරු කීපයක් කතා කිරීම සිරිතකි. අපේ කෙල්ල බඩේ ඉන්න කාලයේ සුනේත්‍රා අක්කා හිටියේ චීනයේය.. කෙල්ලට මහායාන නමක් හොයා ගන්න මට පිස්සුවක් තිබුණි.. ඒ ගැන විමසා මා යැවූ ඊ මේලයට හැරෙන තැපෑලෙන් මිනිපිරියකට ප්‍රවේසම් කර තිබූ නම ලියා එව්වේ.. තණ්හාවක් නැති නිසා බව සහතිකය....අපේ හදිස්සි තීරණය නොවන්න .. කෙල්ලගේ නම සුනේත්‍රා නිෂ්පාදනයක් වනු ඇත..

සබරගමුවේ ගොඩේ කතා නව කතාවකට ගොනු කළ හැකි බව .. ඒවා පණ්ඩිත කථා වගේම රසවත් බව සුනේත්‍රා ගේ කථා ඔප්පු කර පෙන්වයි....සුනේත්‍රා අනිත් කථා කාරයින්ගෙන් වෙනස් වෙන්නේ .. කථාවේ ගලා යාමට බාධා නොකරන විදිහට දෙබස් සිළුටු කිරීමෙනි... මේ වගේ කථා ලියූ අනෙක් කෙනා ඇල්. ඩී. මැන්දිස් ය.. ඔහුගේ කථා නැවත නැවතත් කියවිය හැකිය....පණ්ඩිත දර්ශන වාද ඔහු නොලිවීය... සාමාන්‍ය මිනිස්සු ගෑණු ඒ කථා වල හමු වෙති...

සුනේත්‍රා අක්කා ගේ කථා පටන් ගන්නේ ශ්‍රී සඟරාවෙනි.. අපේ ගෙදර උන්දෑ ට ඒවා තාම මතකය... අල්ලපු ගෙදර හිටි කාසිම් ඇන්ටිලාගේ රාක්කයේ තිබී මෝපසාන් කෙටි කතා (ලා කොළ පාට කවරය) කියවූ 1986 දී.. සුනේත්‍රා අක්කා .. හමු වීම තියා.. ඇය දැන් ලියන විදිහට ලියයි කියා වත් හිතුනෙ නැත... නමුත් ඒ පොතේ හමුවූ අපූරු ශෛලිය දැන් මුහුකුරා ගොසිනි..

බුද්ධදාසි පිටු තුනක ට වඩා කියවා නිම කරන්නත් පෙර.. යමක් ලියන්න සිතුණි.. ඇය පරිසමාප්තියට පැමිණෙමින් සිටින්නීය...සුනේත්‍රා තම ශෛලියෙහි පූර්ණත්වය නිමා කරමින් සිටින්නීය... ඇය දැන සිටීම ගෞරවයකි.. තමන් පිළි නොපදින ගජ බින්න දර්ශන වාද ඇද බාන නව-කට්ටයන්ට වඩා සුනේත්‍රා.. අවංකය..

සුනේත්‍රා අක්කා ලබන අවුරුද්දෙත් මුණ ගැහෙමු....!

11 comments:

Sujeewa Kokawala said...

prema purannaya honda pothak. Man kiyava thiyenne echcharayi.

Koombiya said...

machan blog ekata suba pathum...! digatama duwanna hayiya pathanawa..!

Koombiya said...

කෙල්ලට මහායාන නමක් හොයා ගන්න මට පිස්සුවක් තිබුණි.. ඒ ගැන විමසා මා යැවූ ඊ මේලයට හැරෙන තැපෑලෙන් මිනිපිරියකට ප්‍රවේසම් කර තිබූ නම ලියා එව්වේ.. තණ්හාවක් නැති නිසා බව සහතිකය...

mokadda ara ahaka damu nama?

සු said...

කවුරු වුවත් කම් නැත. ලින්ක් එකක් එවා තිබු නිසා පැමිණියෙමි.
සුනේත්‍රාකරණය වූ පොත් ‍ගොන්නක් "අප"ටද තිබේ. පසු ‍කලෙක පොත් ගන්නට මගක් නැති වු නිසා මා වෙනුවට මිතුරියක් පොත් ගත් හෙයින් "මම" යන්න අප යනුවෙන් යෙදිය යුතු විය.පොදු පුරුෂයා ද අනෙක් නිර්මාණ මෙන්ම හද බැඳ ගත් මුත්
ඉතින් පොදු පුරුෂයාට දෙවරක්ම සම්මාන ලැබීමට තරම්ම එය අගනේද යන කුකුස මේ මොහොතේ ද යළි දැනෙමින් තිබේ. එය දෙවරක්ම සම්මානයෙන් පිදුම් ලැබීම ගැන සතුටු වන්නේ එකම එක කාරණයක් නිසාවෙනි. පසු ගිය වසරේ අන්තිමට ඇය ලියු ඇගේ පෞද්ගලික බණ භාවනා ඇල්මවල් හා සංචාරවලට වඩා ගැහැට පිරි ලෞකික හදට දැනෙන යමක් ඇගේ රසිකයින් හැමදා අගය කරන බව ඇයට පසක් වීම සඳහා එම සම්මාන යම් බලපෑමක් කෙරෙනු ඇතැයි හැ‍ෙඟෙන හෙයිනි. ගිය වර අන්තිමට ඇය පළ කළ පොත් පොදු හදට බොහෝ ඈතය. ඒවා පත්තර කොළමකට හෝ බ්ලොගයකට ගැළපුනද අමාරුවෙන් මුදල් දී ගන්නා පොතකට සරි නොවන බව කිව යුතුය. මේ තනිකරම පෞද්ගලික අදහසකි. අග හිඟකම් මැද වුවද පොත් පිස්සුවට සාධාරණීරණයක් කර ගනු රිසින් ඇය හමුවන තෙක් මෙය කීමට බලා හිඳින අතරේ මෙම සටහනට එය එකතු කළෙමි.

Unknown said...

Ridi thiranganawi, podu purushaya,prema puaranaya, nandithaya witarak neme pahu giya kale liyapu indiyanu gaman gena liyapu poth koi taram kiyewwath epa wenne nehe mata nam.hemadam balagena inne, eyage aluth pothak pita wenakam.......
eya ge katha wala ena charitha, siddi api hemoma gawa tiyena athdekeim widiyatai mata penne....

mahesha

Anonymous said...

මමත් සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගේ පොත් හැම එකක්ම හොයාගෙන කියවන කෙනෙක්. සමහර ඒවා ලයිබ්‍රරියෙන් අරගෙන කියෙව්වා. පුළුවන් වෙලාවට සල්ලි දීලත් ගත්තා. පොදු පුරුෂයා පොත අද කියවලා ඉවර කලා. එයා ලියන විදිහට මම එදත් අදත් මතුවටත් ගොඩක් කැමතියි. ඒ හැම කථාවකම ඉන්නේ අපි ගොඩක් දෙනෙක් වගේ සාම්ප්‍රදායික රාමුවක හැදිච්ච විප්ලවවාදී හිත් තියන ගැහැණු. මම වැරදිද මන්දා. ඒත් මට එහෙම හිතෙනවා

හෂිත said...

ප්‍රතිචාර සියල්ලට ඉස්තුතියි!.. ආයෙ ලියන්නම්!..

Unknown said...

Thanks for all those who have written about my books. My daughter is still trying to open the Sinhala comments.

I don't have much time to sit by the computer and no dongle at the place where I am meditating.
A big hug and motherly love to dear all
Sunethra R

හෂිත said...

pin !

ආගන්තුකයා | Stranger said...

හෂිත අයියේ පොඩි අවුලක්...
ඒත් ලේඛකයා කියන පුද්ගල චරිතයෙන් අපි ඔහු ලියන දේ පෙරලා බරාපොරොත්තු වෙන එක සධාරණද... මටත් ගැටලුවක් තියෙනවා. සුනේත්‍රාගේ පොත් වලින් මම පොදු පුරුෂයට විතරක් සීමා වුනේ මගේ පෙර කරුමයක වෙන්න ඇති කොහොමහරි මම ඒක ගෙවාගන්නවාමයි. පින් කරගන්න තව කල් බොහොමයි.. ස්තූතිය මාර ඔත්තුවක්...

චමින්ද ගුණරත්න said...
This comment has been removed by the author.