Sunday 27 September 2009


26/09/2009

කවි ලියන තරුණෙනි
ඔබ මට මහත් සතුටකි

වළඳා අඩක් කුසයට
සීනි කහටෙන් සැතපුන
නිවුස් ප්‍රින්ට් මිටියක
කවි ඇමුණු යුගයකි ඈත

අහස් වට කැරකුණු සඳ
ගෙවි ගෙවී වැවුනෙන්
කුටුම්භ බර මහරු
සුතන'ඹු සෙනෙහෙ පිරුනෙන්
මා අත වරද නැත
කවි ලියනු බැරිවිය

පත්තර පිටු අතර
පරිගණක තිර මත
ගිනි පුපුරු පැළ කරන
කවි ලියන තරුණෙනි
ඔබ මට මහත් සතුටකි

No comments: